Aaroogya Paramaa Labhaa | ආරෝග්‍ය පරමා ලාභා | “ආරෝග්‍ය පරමා ලාභා” යනු "නිරෝගිමත් ශරීරයක් පවත්වා ගැනීම" පිලිබඳව බුදුන් විසින් වදාල ගාඨා පාඨයක් ද​?

Sunday, January 4, 2015

භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්වකීය අසහාය ප්‍රඥාවට ගෝචරවූ විද්‍යානුකූල ක්‍රමවේදය තුළින් ලෝසතුන් තුළ ලෝකය කෙරෙහි පවත්නා ඡන්ද රාගය දුරුකොට උතුම්වූ නිවන කරා ගමන් ගන්නා මාර්ගය පෙන්වාදුන් සේක. අති ශ්‍රේෂ්ඨ වූ අර්ථවත් වූ කෝටි සංඛ්‍යාත පිරිසකට අරිය මග පෙන්වා දුන් ඒ ධර්ම දේශනායැයි හඳුන්වමින්, අදද නැවත නැවතත් දේශනයන් පවත්වන වන නමුදු ඉන් ලැබෙන ප්‍රථිඵල පිළිබදව සතුටට පත්විය නොහැකි බවක් පෙනේ.
         එදා එවන් ප්‍රතිඵල දායක වූ දහමට, පසුකාලීනව දෙනලද විවිධ අර්ථකථන තුළින් සිදුවූ හෝ සිදු කරන ලද්දාවූ අර්ථ වෙනස් වීම් මුල්කොට ගෙන මෙම ප්‍රතිඵල හීනබව ඇතිවූවාදැයි විමර්‍ෂණය කර බලනු වටී. අද අසන්නට ලැබෙන ධර්ම දේශනා වල අර්ථ දැක්වීම්ද මෙම පර්‍යේෂණයට භාජනය කිරීම වඩාත් ප්‍රථිඵල දායකවනු ඇත.
         බුදු වරයෙකු විසින් දේශනා කරන්නට යෙදෙන අර්ථවත් ධර්මය උන්වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසුව වෙනස් වීම් වලට භාජනය වීම චක්‍රයක් ලෙස සිදුවන්නකි. මේ සදහා පෙන්වාදිය හැකි සරල උදාහරනයක් නිරතුරු ඔබ දකින වචන පෙළක්වන “ආරෝග්‍යා පරමා ලාභා” යන පදවැල ආධාරකොට ගෙන ඉදිරිපත් කල හැකිය. (පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනයක් අැසුරෙන්)

සූත්‍ර පිටකය : මජ්ජිම නිකාය 2 : මාගන්දිය සූත්‍රය ( 289 පිට )










ඉතා පැහැදිලිව ත්‍රිපිටක ධර්මය තුළ දක්වා තිබෙන දහම් කරුණු පවා අද ඉදිරිපත් කොට ඇත්තේ කොතරම් වෙනස් ආකාරයකටද යන්න පෙන්වා දෙන එක් සරල උදාහරනයකි මේ. දහම් අරුත් සදහා කලින් කලට දෙන විවිධාකාර අර්ථ හේතුකොට ගෙන සිදුවන හානිය මෙයින් මනාව පැහැදිළි වේ. (පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ )



0 comments:

  © Blogger templates Newspaper by Ourblogtemplates.com 2008

Back to TOP